Content

Content කියන්නේ පටුන නේද..?

Episode - 001

Episode - 002

Episode - 003 (**NeW**)

Monday, December 06, 2010

Episode - 003



     සු කුසු සිනහා මැද්දේ ඔන්න අපේ සිංහල Class එක පටන් ගත්තා. "ගයාන් පුතා, මොකක්ද විචාරයක් කියන්නේ..?" "මමනම් දන්නේ නෑ" ඔන්න ඉතිං කස්ටිය හිනා වෙනවා. ඊට පස්සේ මැඩම් වෙන කාගෙන්හරි ඒකම  අහනවා. එයා උත්තර දෙනවා. ආයෙත් පාඩමට යනවා. "පුතා, මොනවද රාජකාරි ලිපියකයි, නිකං ලිපියකයි වෙනස්කම්..?" "රාජකාරි ලිපි Type කරනවා, නිකං ලිපි අතින් ලියනවා." අපි හැමෝම තවත් හිනා වෙනවා. ආයෙත් මැඩම් ඒක වෙන කාගෙන්හරි අහනවා. එයා උත්තර දෙනවා. අපි ආයෙත් පාඩමට යනවා. ඔහොම ඔහොම මාර Fun එකෙන් දවස ගතවුනා. ඒත් අන්තිමය ගෙදර යන්න කළින් කියපු කතාව තමයි අසාධාරණ. අපි ඔක්කෝටම ලබන සතියේ එනකොට විචාර දෙකයි රචනා දෙකයි ලියාගෙන එන්න කියව්වා. අන්තිමටම මැඩම් "පුතා, ඔයා පුරුදුවෙන්නත් එක්ක විචාර තුනයි, රචනා තුනයි ලියන්න. පුළුවන් වුනොත් රාජකාරි ලිපියකුත් ලියන්න". ඉතිං හා කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද..? ගෙදර එන්න මම එළියට බහිනකොට අර කෙල්ලො දෙන්නා එකසිය ගානව විදලා ගිහින්. ෂෙරින් එයාගෙ අම්මිත් එක්ක ටිකක් ඈතින් යනවා. මමත් ඉතින් ඔහේ ගාට ගාට ඇවිදගෙන ආවා පාර ළගට. මම එනකොට අර ඔක්කෝම ටික යන්න ගිහින්. මම ඉතිං Shape එකේ ගෙදරටම ආවා. ගෙදර ආවත් හිත තාමත් Class එකේ. මනෝ ලෝකේ ඉඳන් පියවි ලෝකෙට ආවේ අම්මි " කොහොමද අළුත් Class එක..?" කියලා ඇහුවමයි.
     "කියන්න තරම් වරදක් නැහැ අම්මි. හොඳයි. කන්න මොනවද තියෙන්නේ..?" මම උත්තරයේ අගින්ම තවත් ගැටළුවකට මුල පිරුවා. "අන්න ඔයා ආසයි කියලා අප්පච්චි Chocolate Cake ගෙනාවා." අම්මිගේ උත්තරය අවසන් ව්එනකොට මම හිටියේ කුස්සියේ. ආස දේවල් මෙහෙම ගෙනත් දෙනවානම් හැමදාම Class ගියත් පාඩු නෑ. කියලා කියන්නට හිතුනත් ඒක හංගගෙන Cake කෑල්ල කෑවා. ඊටපස්සේ වෙච්චි දේවල් ඔක්කොම වෙනදා සිද්දවෙන දේවල්ම තමයි. 
       බදාදා මම පන්තියට එනතුරා අපේ කස්ටිය බලාගෙන හිටියේ අළුත් Class එකේ විස්තර ටික දැනගන්නයි. ඒත් අමින්දයා නම් සිද්දිය දැනගත්තේ Bus එකේදිමයි. මොකද ඉතිං අපි දෙන්නා යන්නේ එකම School Bus එකේනේ. පන්තියට යනකොට තරිඳුවා ඉස්සරහටම ඇවිත් අහපු එක මෙතන කියන්න පුළුවන් තරමේ එකක් නොවෙයි කියලා මට හිතෙනවා. ඉතිං මමත් උදේ පාන්දර කියලා නොබලාම "අනේ පලයං *** යන්න" කියාගෙනම පන්තියට ගියේ හරියට "GooD Morning මචං" කියලා කියනවා වගේ. "දිග අරිමු බලන්න ඊයේ අළුත් Class එකේ නොකද වුනේ කියලා" කිරියා ලගටම ඇවිත් වාඩිවෙලා ඇහුවා. ඔන්න ඉතිං ආයෙත් තරිඳු, විකුම්, සංජීව එක්ක අමින්දයාත් ඔතනට එකතු වුනා. මම ඉතිං කතාව මුල සිට අගටම පැහැදිලිව පියවරෙන් පියවර කිව්වා. ඒත් ෂෙරින්ගේ නම එළියට දාන්න මට හිතුනේ නෑ. ඒ ඇයි කියන්න මම දන්නේ නැහැ. ඒත් මේ කතාව කියවන අය ඇරෙන්න වෙන අය තාමත් එයාගේ නම දන්නේ නැහැ. මගේ කතාව ඉවරවෙනකොටම කතාව පටන්ගත්තු කිරියට කියන්න ලැබුනේ " දැන් මචං ඔය යන විදිහට.." කියලා විතරයි. "අනේ මේ උදේ පාන්දර පච කියවන්නේ නැතිව හිටපං.." තරිඳුවා එක දිගටම, ලස්සනට කියලා දැම්මා. මොනවා වුනත් තරිඳුගේ මම දකින හොද ගුණාංගයක් තමයි ඒක. ඒ කිව්වේ අනිත් උන්ව Bite කරන එක නෙවෙයි. බෙල්ල ගහලා ගියත් කියන්න තියෙන කුණුහරුපේ මූණටම කියලා දාන එක. "කියන්න තියෙන එක කියලා දැම්මා, ඊට පස්සේ ආයේ හිතේ මොකුත් නෑ බං." තරිඳුගේ කටින් නිතර එළියට එන වචන කීපයකි. 
     මොනවා වුනත් තරිඳුවානම් දෙයියෙක්. නැතිනම් ඉතිං මම අරයකාගේ පම්පෝරිය අහගෙන එන්න එපැයි. හොද වෙලාවට තරිඳු අරටික වෙලාවට කිව්වේ. කිරියත් ඒකට මොකුත්ම කිව්වේ නැහැ. මමත් සද්ද නැතිවම මාරුවුනා. Shape එකේ වැඩටික කෙරුනා. 
     එදා තමයි අපිට සිංහල උගන්නපු මැඩම් Parents Meeting එකෙන් පස්සේ අපිව බලන්න ආවේ. පාඩම ඉවර වෙලා මාව පැත්තකට කතා කරලා මට කිව්වේ අමුතුම කතාවක්. "ඔන්න පුතා මමනම් ඔයාව Parents Meeting එකේදි ඔයාව බේරගත්තා. දැන්නම් කොල්ලෝ හරියට වැඩ කරලා ඉස්සරහට හොඳ ලකුණු පෙන්නන්න වෙයි. නැතිනම් මමත් සවුත්තු වෙනවා." මැඩම් කියන කතාවත් ඇත්ත තමයි. මාව බේරගත්ත එකේ මමත් දැන් වැඩකරන්න ඕනි. මොකද ලබන සතිය වෙනකොට සිංහල Class එකට කරගෙන යන්න තියෙන වැඩ කන්දරාව මතකයිනේ..? වැඩ කරන්නේ නැතිව ගිහින් චොර වෙනවට වැඩිය හොඳයි මැඩම්ට බටර් පාරක් ගාලා හොඳ රචනා, විචාර ටිකක් ගල් කරගෙන යන එක. "හරි මැඩම්, මම සිකුරාදාම වැඩ කරන්න පටන් ගත්තා. ඒත් මැඩම් විචාර, රචනා ලියන එක තමයි හදාගන්න ඕනි. කොහොමද මැඩම් ඒක කරන්නේ..?" මම කිව්වා. "ඒකට කළින් ඔයා හොඳ විචාර, රචනා ටිකක් කියවන්න. එතකොට ඔයාට පුළුවන් වෙයි හොඳ රචනා, විචාර ගැන අදහවක් ගන්න. මම හෙට දෙන්නම් පුතාට රචනා, විචාර තියෙන පොතක්. ඒක කියවලා බලන්නකෝ. තේරෙන්නේ නැත් ඒවා මගෙන් අහන්න." මැඩම් කිව්වේ මගේ හිතට අමුතුම සතුටක් එකතු කරමින්. දෙන දෙයියෝ ගෙදරටම ගෙනත් දීලා, උඩ සාක්කුවට රුපියල් පන්සීයකුත් දාලා යනවා කියන්නේ නිකංද..? දැන් ඉතිං මොනවද, ගත්තා පොත, ලිව්වා. එළකිරි ඩොට් කොම් කිව්වලු.
     "මොනවද බං කිව්වේ, දෑවැද්ද ගැනද කතාකළේ..?" දන්නවනේ ඉතිං ඔහොම කතන්දර එන්නේ තරිඳුගේ කටින් තමයි කියලා. මූත් එක්ක කතාකරන්න ගියොත් ඉවරයක් නැතිනිසා මම ඌට මොකුත්ම කියන්නේ නැතිව ගිහින් මගේ පුටුවෙන් ඉඳගත්තා. දවස ගෙවිලා ගියා. ඉස්කෝලේ ඉවරවුනා. මම ගෙදර ආවා. වෙනදා වගේම තමයි. ඒත් අද බදාදා. සදුන්ලගේ ගෙදර English Class එක. 
     මේක තමයි මම ආසම Class එක. Sir එනවා. මමයි සඳුනයි විතරයි Class එකේ. Sir මොකක්හරි වැඩක් කරන්න දුන්නම ටිකක් වෙලා ඒක කරනවා වගේ ඉඳලා අපි දෙන්නා කරන්නේ Sirව කතාවට අල්ලගන්න එක. ඔය කතාව ටිකක්වෙලා ඇදගෙන යනකොට අපිට කරන්න වැඩක් දීලා තියෙනවා කියලා Sirට අමතකයි. ඊටපස්සේ අපි දෙන්නා කරන්නේ Sirගේ කටින්ම උත්තර ටික එළියට ඇදගන්න එක. එකදිගට Assessments දහයක් විතර ඉල්ලගෙන කරන අපි දෙන්නා අපේ Sirට පොත් දෙක දීලා Sir ඒවා බලලා ඉවර වෙනතුරාවටම Games ගහන එක තමයි කරන්නේ. ඔහොම ඔහොම ගිහින් Class එකත් ඉවර වෙලා මම 9.30 විතර වෙනකොට ගෙදරට කඩාපාත්වුනා. වෙනදා සිදුවීම්ටිකම වෙනදා විදිහටම කරලා නිදාගන්න කළින් පාඩම් කරන්න පටන් ගත්තා. ඇත්තටම කිව්වොත් විචාරයක් ලියන්න ගත්තා. රෑ 11.30 විතර වෙනකන් Try කරලා කරලා පේළි තුනක් විතර ලියලා. මට විචාර ලියන්න බැරි බව තේරුම්ගත්තා. 
"හෙට ඉස්කෝලේ යන්නත් ඕනි. අනික මැඩම් හෙට අර පොත ගෙනත් දෙයි. ඉතිං ඉස්කෝලේ යන්න ඕනි නිසා මම නිදාගත්තා." 


ලබන සතියෙත් හමුවෙමු..

Sunday, November 28, 2010

Episode - 002

        න්න ඉතිං සෙනසුරාදා ඉරිදා දවස් දෙක වෙනදා වගේම ගතකරලා මම සඳුදා උදේම වෙනදාටත් වැඩිය උනන්දුවෙන් ඉස්කෝලේ යන්න ගෙදරින් එළියට පැනගත්තා. යන්න කළින් අම්මි ඇහුවේ "අද ඉස්කෝලෙද යන්නේ..?" කියලා. වෙනදාට මම School Cut කරලා කොහේහරි යන දවසටවත් සැක හිතෙන්නේ නැති අම්මිට ඇයි අද මෙහෙම හිතුනේ..? "පිස්සුද අම්මි.. මම එහෙම ඉස්කෝලේ යනවා කියලා වෙන කොහේවත් යන ළමයෙක්ද..?" කියලා මම ඇහුවේ අනිවාර්යයෙන්ම අම්මිගේ කටින් "නෑ ඉතිං" කියන උත්තරේ එනවා කියලා හොදටම දැනගෙනය. ඒ එක්කම මම ඇහුවේ "අනික, ඇයි අම්මි එහෙම ඇහුවේ කියලා. "වෙනදට කුම්බකර්ණයාව ඇහැරවලා ඉස්කෝලේ යවනවා වගේ ඉස්කෝලෙට යවන ඔයා මොකද අද කළින්ම නැගිටලා ඉස්කෝලේ යන්නේ කියලා බැලුවේ" අම්මිගේ කටින් ආවේ ඔය උත්තරයයි. කියන්නට දෙයක් නැති නිසාදෝ අම්මිගේ කකුල් දෙකේ ඇඟිලිතුඩු අල්ලලා වැඳලා "මම ගිහින් එන්නම් අම්මි" කියලා, අප්පච්චිටත් වැදලා ගෙදරින් එළියට බැස්සේ School Bus එකට යන්නයි. 
        මම ගොඩාක් සන්තෝසෙන් "GooD Morning යකුනේ" කියාගෙන බස් එකට නැග්ගත් ඇතුලෙන් ආවේ මැලවුනු GooD Morning පාරකි. "මොකද බං අවුල?" මම අමින්දයාගෙන් අහනකොටම, චින්ති කාරයත් (සිංදු කියන චින්ති නෙවෙයි..) බස් එකට නැග්ගා. ඒකගේ මූණත් හරියට අළුතෙන් ආපු අටපට්ටම් රුපියල් දහයේ කාසිය වගේ. "මොකද අනේ මේ මුන්ට වෙලා තියෙන්නේ" මම මටම කියාගත්තා. ටිකවෙලාවක නිහැඩියාවක් බිදදමමින් කටහඩ අවදිකළේ අමින්දයායි. "සිකුරාදා අරුං අපිට කෙළවලාම දැම්මා බං" අමින්දට පස්සෙ කතා කරපු චින්තියා කිව්වේ "ඔව් බං" කියලා විතරයි. ඇත්තටම සිකුරාදා මොකද වුනේ..? දෙයිහාමුදුරුවනේ, සිකුරාදා අපේ Parents Meeting එක තිබුනා නේද..? වෙනදාට ඔය කතාව කියන්නේ මමයි. ඒත් අද ඒක වෙනස් වෙලා. මේපාර මට අවුලක් නෑ. මගේ සතුටයි, අපේ කස්ටියගේ දුකයි එකතු කරන්න හොද වෙලාවක් නෙවෙයි මේක. මම වෙනදා වගේම පාර අයිනේ ඉදන් මට Bye කියන කෙල්ලෝ ටිකට Bye කිය කියා ඉස්කෝලෙට ගියා. උන්ගේ මූණවල් ටිකනම් වෙනදා වගේමයි. මොකද ඉතිං උන්ට Parents Meetings තිබිලා නැහැනේ.
        ඉස්කෝලේ තත්වයත් මේ වගේමයි. එක එකා එක එක දිහාවල් වල. ඒත් එකෙක් විතරක් මම වගේම ආතල් එකේ ඉන්නවා. ඒ තමයි අපේ තරිඳු. තරිඳු මොනවට දුක් වෙන්නද..? උගේ ගෙදරින් කවුරුත් Parents Meeting එකට ආවේ නෑනේ. ඉතිං ටිකක් දවල් වෙනකොට කස්ටියගේ දුක තුනී වෙලා ආයෙමත් පිස්සු කෙළින්න පටාං ගත්තා. ඔය අතරේ Interval එකේ කෑම කනගමන් මම මගේ කතාව Shape එකේ බැස්සුවා. සුබපැතුම් හා යෝජනා එමටයි. මේ අස්සේ අපේ කිරියා මට එක එක Ideas දෙනවා. "මචෝ, කෙල්ලො කැමති මෙහෙම අඳිනවාට, උඹේ Hair Style එක වෙනස් කරපං, කතා කරනකොට මෙහෙම කතා කරපං, ඇවිදිනකොට මෙහෙම ඇවිදපං... " එක විකාරයයි. මූ නිකං කතා කරන්නේ මම කෙල්ලෙක්ව හොයාගන්න යනවා වගේනේ. වෙලාවකට "අනේ උඹේ දේශනාව විතරනේ" කියලා කියන්නත් හිතෙනවා. මොකද මේකා අපිට පම්පෝරි ගැහුවාට මේ යකාත් තාම අර පහන තියෙන ඉස්කෝලේ නිශාරා කියලා නංගි කෙනෙක්ට Try කරනවා. ඒකත් අවුරුදු 3ක් තිස්සේ. මම ඇහුවම "දැන් වැඩේ හරිද..?" කියලා, මේකා කිව්වේ තව සති දෙකෙන් වැඩේ ගොඩ කියලා. ඒ සති දෙක ඉවර වෙලා දැන් මාස අටක් විතර වෙනවා. ඒත් කිසිම දියුණුවක් පේන්නත් නෑ, මේකා සිහින මවන එකේ ඉවරයකුත් නෑ. "උඹේ ඔය මායං දාලා දාගනිංකෝ අර නිශාරා නංගිව" කියලා කියන්න හිතිලත් නොකියා හිටියේ මේකා තරහා කරගත්තොත් මට Maths Home Works ටික Copy කරගන්න කෙනෙක් නැතිවෙන නිසා. 
         ගෙදර ආවගමන් Wash එකක් දාගෙන කෑම එක කන එක මගේ පුරුද්ද. ඊට පස්සෙ කරන එකම රාජකාරිය තමයි සදුන්ලගේ ගෙදරට කඩාපාත්වෙන එක. පොතක් දෙකක් උස්සගෙන "මම යනවා පාඩම් කරන්න" කියාගෙනම ගෙදරින් එළියට බහින මම යන්නේ පාඩම් කරන්නම නෙවෙයි. Computer Games ගහන එකයි, Movies බලන එකයි, ඒ අතරට පොඩි Cricket පාරකුත් ගහන අපි අතරින් පතරින් වෙලාවක් ඉතුරු වුනොත් පාඩමක් දාන්න අමතක කරන්නේ නෑ. බොහෝ වෙලාවට අපි සතියකට දෙපාරක් විතර මිනිත්තු විස්සක පමණ කාළයක් මේ පාඩම් කිරීමට ගත කරනවා. ඊට පස්සේ රෑ අටට විතර ගෙදර එන මම ආයෙත් Wash එකක් අරගෙන, කාලා, යහන්ගත වෙනවා. මේ විදිහට යහන්ගත වුනත් මම  උදේට නැගිටින්න මාරම කම්මැලියා. අදත් ඔය කාරණා ටික ඔය විදිහටම සිද්ද කළ මම යහන්ගත වුනා.
        අඟහරුවාදා උදේම නැගිට්ට මම ඊයේ වගේම උනන්දුවෙන් ඉස්කෝලේ ගියා. ඉස්කෝලේ වැඩ ටිකත් එළකිරි.කොම් වගේ කරලා දැම්මා. එහෙ මෙහෙ රස්ති ගහන්නේ නැතිව ඉක්මනටම ගෙදර ආවා. Bathroom එකට වැඩිපුර කාළයක් ගත කලේ අළුත් Class එකට ලස්සනට යන්න ඕනි නිසාය. මොකක්ද අඳින්නේ කියන එක තවත් ගැටළුවක්. ඕනි මගුලක් කියලා Short එකයි T-Shirt එකයි දාගෙන, කෑම එකත් කාලා Class යන්න එළියට බැස්සා. ඒත් කෝ පොත්..? මාර සිද්දිය. පොත් කීයක් ඕනිද කියලා දන්නෙත් නෑ. ඔන්න ඔහේ යන ගමන් පිටු 120 තනිරූල් පොත් දෙකකුත් අරගෙන යනවා කියලා හිතාගෙන මම Class එක පැත්තට ඇවිදගෙන ආවා. අපේ පාරෙන් Main Road එකට එනකොටම තියෙන කඩෙන් පොත් දෙකකුත් අරගෙන Class එක ලගටම ගිය මම එතන Gate එකට Cover වෙලා මිනිත්තු 10ක් 15ක් විතර ගතකලේ Class එක ඇතුලට යන හැටි Practice කරන්නයි. "දැන් මම ඇතුලට යනකොට Class එක පටන් අරන්, මම යනකොට ඔක්කොම මගේ දිහා බලයි, උන් මොනවා කියයිද..? කොහොම කෙල්ලෝ ටිකක් ඉදීවිද Class එකේ..? මැඩම් මොනවා කියයිද මට..?" විවිධාකාර සිතිවිලි ගලාගෙන එනවා. ඕනි දෙයක් කියලා හිතාගෙන මම Gate එකෙන් ඇතුලට ගියා.  
        මම ගිහින් මැඩම්ලගේ ගෙදර Door Bell එක ගැහුවා. එතකොටම ගෙදර ඇතුලෙන් "මිස්.., කවුද ආවා..." කියලා සද්දයක් ආවා. එළ, ඔන්න එකෙක්ගේ සද්දයක් ඇහුනා. ඒ එක්කම එළියට ආව මැඩම් "එන්න පුතා ඇතුලට" කියලා මාව එක්කරගෙන ගියා. ගෙදර සාලෙත් එක්කම තිබ්බ පොඩි Room එකේ තමයි Class එක තිබ්බේ. ඒක ඇතුලේ කෙල්ලො දෙන්නෙක් Past Papers පොත් දෙකක් තියාගෙන මොනවදෝ ලිය ලියා හිටියා. උන් දෙන්නා නම් පොතේ අකුරු අතර හංගලා තියෙන මොනවාහරි හොයනවා වගේ. ඒක ඇතුලටම රිංගලා. මට පුටුවක් දීපු මැඩම් කිව්වේ "වාඩිවෙන්න පුතා, අපි දැන් තමයි Class එක පටන්ගත්තේ" කියලා. හිනාවෙනවා ඇරෙන්නට කරන්න දෙයක් නොතිබුණු නිසා සිනහවකින් උත්තර දුන් මම මට දුන්න පුටුවේ වාඩිවුනා. "මොකක්ද පුතා ඔයාගේ නම..?" මැඩම් අහනකොටම "මම ගයාන්" කියලා මම කිව්වෙ අර කෙල්ලො දෙන්නා මොනවා කරයිද කියලා බලාගෙනමයි. මොන..! මුං දෙන්නාට මේ පොත දීලා තියෙන්නේ අදද කොහෙද..? එකෙක්වත් නෙවෙයි නිකමට මගේ දිහාවත්, මැඩම්ගේ දිහාවත් බැලුවේ. Class එක මරු වගේ... මටම හිතුනා. එතකොටම "මිස්, මේ.." කියලා සද්දයක් මට පිටිපස්සෙන් ඇහුනා. මොකද Class එකේ දොර තිබ්බේ මට පිටිපස්සෙනි. ඒ Voice එක අර "මිස්.., කවුද ආවා..." කියපු Voice එක වගේමයි. හැරිලා බලන්නට හිතුනත් අද පළවෙනි දවස නිසා මොකුත්ම නොකර ඉන්නට හිතාගත්තත් මට ඒ පැත්ත දිහා බැලුනා. මම දැක්කේ දොර ලඟටවෙලා හිටගෙන, ලැජ්ජාවෙන් නියපොත්තකුත් හපාගෙන මගේ දිහා බලාගෙන ලස්සන කෙල්ලෙකි. මම එයාට හිනාවක් දැම්මා. එතකොටම මැඩම් "එන්න ෂෙරින් ඇතුලට, මේ ඉන්නේ අපේ Class එකට අළුතෙන් එකතුවුන පුතා ගයාන්, පුතා මේ ෂෙරින්" කියලා මට එයාව Introduce කරලා දුන්නා. "මම ඒක දන්නවා මැඩම්" මම එයාව දන්නේ නැතිවුනත් මම කිව්වා. ඒපාරනම් හතරදෙනාම මගේ දිහා පුදුමවෙලා බැලුවා. "ඔයාලා අඳුනනවාද..?" මැඩම් ඇහුවා. "නෑ, දැන් මැඩම් කිව්වෙ එන්න ෂෙරින් කියලා, එතකොට තමයි දැන ගත්තේ" කියලා මම කිව්වා. හතරදෙනාගේම මුවගට පොඩි සිනහවක් ගෙන එන්න ඒ කතාවට හැකිවෙයි කියලා මම හිතුවෙවත් නෑ. "මේ ඉන්නේ පබාවි, මේ ඉන්නේ අමන්දා" මැඩම් අනිත් දෙන්නාවත් මට Introduce කරලා දෙනකොට ෂෙරින් මූණ රතු කරගෙනම ඇවිත් මගේ Class එකට Join වුනා...

ඉතිං Class එකේ වුනේ මොකද කියලා දැනගන්න වෙන්නේ ලබන සතියේ තමයි...

Saturday, November 20, 2010

Episode - 001

     ද නම් ගෙදර ගියසැනින් "දිරි දීමනාව" ලැබෙනවා Sure ම තමයි. අමින්දයා කිව්වේ මම අමින්දයාට Good Morning කියන්නත් කළින්. පන්තිය ඇතුලට යනකොටම අද වෙනදට වැඩිය වෙනසක් වෙලා තියෙනවා කියලා මටම හිතුනා. අද පන්තිය නිකං මළ ගෙදරක් වගේ. වෙනදට නම් අර පාරේ යන සුදු ගවුම් ඇදගත්ත අපේ ඉස්කෝලේ දෙපැත්තේම තියෙන බාළිකා පාසල් දෙකේ කෙල්ලන්ට "ආ... චූටි..", එහෙම නැතිනම් "සුදු නෝනේ...", "රතු මැණිකේ", කියන්නම දෙයක් නැතිනම් "නළ දමයන්තියේ.." කියලා හරි කෑගහන එක අපේ පුරුද්ද. තරිදු, අමින්ද, කිරියා, රොකා, විකුම්, සංජීව කියන අය තමයි ඔය කාර්යයේ පෙරගමන්කරුවෝ. මමත් ඔය අතරට එකතුවෙන එක නවත්තන්න බෑ කාටවත්. ඒත් අද කොල්ලො ඔක්කොමලා එක එක පැත්තට හැරිලා කල්පනා කරනවා. 
     ඉතිං හරිනේ, අවුරුද්දකට මෙහෙම දවස් තුනක් එන එක අනිවාර්යයි. මොකද අද අපේ Parents Meeting එක. මාස තුන හතරක ඒවා එකතු කරලා අම්මලා, තාත්තලාට දෙනකොට කොහොමද දැනෙන සතුට..? "ගියපාර වගේම මේ පාරත් අම්මයි පුතායි එකට එන්න කියල කෙළවලාම දායිද දන්නේ නෑ බං" තරිදුවා කිව්වේ මගේ කරටත් අතක් දාගන්න ගමන්. "දෙයිහාමුදුරුවනේ! එහෙම කළොත්නම් විනාසයි". මම කිව්වාද මට කියවුනාද කියලා මට මතක නෑ. ගියපාර Parents Meeting එකේදී කළේ එක පේළියට Desks ටිකක් දාලා ඉන්නවා මැඩම්ලා ටික ඔක්කොම. ඊටපස්සේ අම්මාහරි තාත්තාහරි එක්ක දරුවා යමංකෝ මැඩම්ලා එක්ක කතා කරන්න. මුළින්ම Term Test එකේ ලකුණු වලට බනිනවා. ඊටපස්සේ "කියන කිසිදෙයක් අහන්නේ නෑ, පන්තියට වෙලාවට එන්නේ නෑ, ඒ ආවත් හරියට වැඩක් කරන්නේ නෑ, ඔක්කොමත් හරි අහල පහළ ඉන්න එකෙක්ට ඉන්න හිටින්න දෙන්නේ නෑ" කියලත් බනිනවා. එතනින් නොනවතින අපේ මැඩම්ලා අවසාන Segment එක විදිහට මූන දිහා හොදට බලලා අන්තිම Parents Meeting එකේ ඉදන් මේ වෙනකන් වෙච්චි හැන්සාඩ් වාර්තාව දිගහරිනවා. සියල්ලේම විපාකයන් විදිහට අපි ගෙදර ගිහින් ඉස්ම නැති වෙනකං බැනුම් අහලා, සති දෙකක් විතර යනකං විදවනවා. අනේ අම්මපා "අද Parents Meeting එක" කියලා ගෙදරට කිව්ව මෝඩකම කියලා හිතෙන්නේ දැන් තමයි. ඒත් ඉතිං ගෙදරින් කාවහරි අරගෙන ආවේ නෑ කියලා, පස්සෙ දවසක අම්මවහරි තාත්තවහරි එක්කරගෙන ගිහින් තනියම බැනුම් අහනවට වැඩිය හොදයි රොත්තටම බැනුම් අහන එක. 
     ඉතින් ඔන්න පන්සිල් අරගෙන, උදේ රැස්වීම් කටයුතු ඉවර කරලා අපේ කස්ටිය පන්තියට ආවා. පන්තියේ මුල් Periods හතර ඉගැන්නුවත් ඒවා අද හරියට තේරුනේ නෑ වගේ. මැඩම්ලා හතර දෙනාම අද අපි දිහා බැලුවේ නක්කලේට වගේ. ඒ බැල්මේ සැගවිලා තිබ්බේ හරියට නිකං මාස හතරක් උඹලා අපිට දීපු වදවලට අද දෙන්නම් කියලා වගේ. සමහරවිට එයාලගේ හිතේ එහෙම නොතිබුනත් මට පෙනුනේ ඒ වගේ. මුල් Periods හතර ඉවරවෙලා Interval එක ආවත්, වෙනදා වගේ නෙවෙයි අද. වෙනදටනම් දෙවෙනි Period එකේ ඉදලම බලාගෙන ඉන්නේ Interval එක එන්නේ කොයිවෙලාවෙද කියකිය. ඒත් අද හිතෙන්නේ Interval එක එන්නේ නැතිනම් හොදයි වගේ. මොකද ඉතිං Interval එකෙන් පස්සේ අපි ඔක්කෝටම කෙළවෙනවනේ. දැන් නම් ටික ටික බය වගේ දෙයක් හිත ඇතුලෙන් දැනෙනවා. තව මිනිත්තු 15කින් විතර අපි ඔක්කෝටම කෙළ වෙනවා කියලානම් දැන් දැනෙනවා.
     වෙන දේ නවත්තන්න කාටවත් බැහැ කියනවානේ. ඔන්න ඉතිං Interval එක ඉවරවෙලා Parents Meeting එක පටන් ගත්තා. අපි ඔක්කෝම නිකං ඇටිකෙසෙල් කාපු උගුඩුවෝ වගේ. අම්බානක බයවෙලා. තරිදුවානම් ගානක්වත් නැතිව ඉන්නවා. පුදුමයක් නෙවෙයිනේ, ඒකාගේ ගෙදරින් තාම කවුරුත් ඇවිත් නැහැනේ. Parents Meeting එක නැගලා යනවා. අපි පන්ති වලින් එළියට වෙලා ගෙදර ගියගමන් ලැබෙම Paper එකට ලියන්න උත්තර හොයනවා. ඔය අස්සේ 'කෝ මේ ගයාන්ගේ අම්මා හරි තාත්ත හරි?, කවුද ගයාන්ගේ ගෙදරින් ආවේ?, ගයාන්ගේ කවුරුහරි ඉන්නවාද..?" හරියට නිකං Iraj ගේ Track එකක් වගේ. මැදින් මැදින් ගයාන් ගයාන් ගානවා එකසිය ගානට. "පුදුමයි ගයාන් ගෙදරට කියලා අද Parents Meeting එක කියලා" එක පාරටම කනට ගැහුවා වගේ මාලතී මැඩම්ගේ සද්දේ ඇහුනා. "අන්න ගයානයෝ අර ගෑනි උඹේ රෙදි ගලවනවා" රොකා ඇවිත් කිව්වා විතරයි "කෝ එතකොට අපේ රනුකගේ ගෙදරින් කවුද ආවේ..?" කිව්වා මාලතී මැඩම්. "උඹෙත් රෙදි ගැලවෙයි වගේ" මම රොකාට කිව්වා.
     මාලතී මැඩම් තමයි අපිට ගණිතය උගන්නන්නේ. කවදාවත් එයා දෙන Home Works කරන්නේ නැති එකා තමයි මම. සතියකට දෙතුන් පාරක් මාව පන්තියෙන් එළියට දැම්මේ නැතිනම් එයාට හරි Upset වගේ. මටත් Upset. මොකද මට පන්තියෙන් එළියට යන්න කිව්වම මම නවතින්නේ Canteen එකෙන්නේ. දැන් ඒකත් පුරුද්දට ගිහින් වගේ. මුලින් බැන්නා Home Works කරන්නේ නෑ කියලා. ඊටපස්සේ ගැහුවා. දණගස්සලා තිබ්බා. Sectional Head ළගට එක්කරගෙන ගිහින් බැන්නා, ගැහුවා, O/L Section Office එක ළග දණගස්සලා තිබ්බා. ටික කාළයක් යනකොට O/L Section එකේ Office එකත් මට ගෙදර වගේ. නිතර නිතර යන තැනක්නේ. අවසාන වශයෙන් දැන් මැඩම් කරන්නේ Home Works Check කරගෙන යනකොට මගේ පොත දිහා බලන්නේවත් නැතිව යනඑක. 
     ඔන්න මාලතී මැඩම්ගේ දේශනේ ඉවරවුනා. අනිත් මැඩම්ලා පොදුවේ අපිට බැන්නත්, අපිට සිංහල උගන්නපු නන්දා මැඩම්නම් වෙනසක් කළා. එක පාරටම මෙයා කිව්වා "අනිත් මැඩම්ලා මොනවා කිව්වත් ගයාන් පුතා මගේ Period එකේනම් වැඩටික හොදට කරනවා. ඒත් ලකුණු වල පොඩි ගැටළුවක් තමයි තියෙන්නේ" කියලා. මාව එක පාරටම හිටගැස්සුනා. "අන්න උඹට පුතාලු" ඒ කිරියා. "මෙයාගේ දුවවවත් උඹට දෙන්න හිතාගෙන ඉන්නවද දන්නේ නෑ" අමින්දයා. "මම දැකලා තියෙනවා මෙයාගේ දුව. ලබන අවුරුද්දේ O/L කරන්නේ. කෑල්ලත් ලස්සනයි." තරිදුවා කිව්වා. "යකෝ, ඒ ගෑනි විතරයි මාව Shape කළේ. ඔහොම කතා කියන්න එපා බං ඒ ගෑනිට." මම බොක්කෙන්ම දුන්නා. "මෙන්න දැන්මම නැන්දම්මාව හිතට අල්ලලා" ඒ කටකැඩිච්චි කතාව තරිදුගෙන්. "පලයං බං යන්න" කියලා මම කියනකොටම Parents Meeting එකත් ඉවරවුනා. අපේ අප්පච්චිගේ මූනේ වෙනදාතරම් අවුලක් තිබ්බේ නෑ. ගෙදර එන ගමන් මගෙන් වෙනදා අහන විස්තර ඇහුවා. මම වෙනදා කියන සිංදුවම කිව්වා. ඒත් මට පුදුම බැනුම් අහන්න වුනේ නැතිඑක.
     ගෙදර ගිහින් අප්පච්චි කතාකළේ සිංහල Class එකක් හොයන එක ගැන. මාව සිංහල Class යවන්න. ඒත් O/L Exam එකට තව මාස තුනයි. කවුද මාව Class එකට ගන්නේ..? තවත් ගැටළුවක්. ඒත් හවස් වෙනකොට අපේ අප්පච්චි Class එකක් හොයාගත්තා. ඒ අපේ ගෙවල් ලගම තැනක්. අපේ ගෙවල් ගාව තියෙන, පිළිගත් බාළිකා පාසලක මැඩම් කෙනෙක් තමයි Class එක කරන්නේ. මට කිව්වා "පුතා ඉස්කෝලේ ගිහින් කොළඹ ඉදලා මෙහෙට එන්නත් ඕනිනේ. ඒ ආවගමන් Class එන්නත් අමාරුයිනේ. ඔයා හවස 4.30 විතර වෙනකොට එන්න අපේ ගෙදරට. මම හවස 4ට අපේ ඉස්කෝලේ ගෑනු ළමයි තුන්දෙනෙක්ට වෙනම Class එකක් කරනවා. ඔයත් එන්න ඒකට. මමත් හරි සතුටින් "හා මැඩම්" කිව්වා. මගේ දිහා බලපු මැඩම්, මටයි අපේ අප්පච්චිටයි දෙන්නාටම හිනාවෙලා කිව්වා " අද සිකුරාදානේ, අගහරුවාදා ඉදලා පුතා එන්න Class එකට" කියලා.
     දැන් අපේ උන්ට මේ එක කියාගන්නකං මට ඉවසිල්ලක් නෑ. ඒත් ඒකට තව දවස් දෙකක් ඉවසන්නත් වෙනවනේ. 

බලමුකෝ සදුදට මොකද වෙන්නෙ කියලා