Content

Content කියන්නේ පටුන නේද..?

Episode - 001

Episode - 002

Episode - 003 (**NeW**)

Sunday, November 28, 2010

Episode - 002

        න්න ඉතිං සෙනසුරාදා ඉරිදා දවස් දෙක වෙනදා වගේම ගතකරලා මම සඳුදා උදේම වෙනදාටත් වැඩිය උනන්දුවෙන් ඉස්කෝලේ යන්න ගෙදරින් එළියට පැනගත්තා. යන්න කළින් අම්මි ඇහුවේ "අද ඉස්කෝලෙද යන්නේ..?" කියලා. වෙනදාට මම School Cut කරලා කොහේහරි යන දවසටවත් සැක හිතෙන්නේ නැති අම්මිට ඇයි අද මෙහෙම හිතුනේ..? "පිස්සුද අම්මි.. මම එහෙම ඉස්කෝලේ යනවා කියලා වෙන කොහේවත් යන ළමයෙක්ද..?" කියලා මම ඇහුවේ අනිවාර්යයෙන්ම අම්මිගේ කටින් "නෑ ඉතිං" කියන උත්තරේ එනවා කියලා හොදටම දැනගෙනය. ඒ එක්කම මම ඇහුවේ "අනික, ඇයි අම්මි එහෙම ඇහුවේ කියලා. "වෙනදට කුම්බකර්ණයාව ඇහැරවලා ඉස්කෝලේ යවනවා වගේ ඉස්කෝලෙට යවන ඔයා මොකද අද කළින්ම නැගිටලා ඉස්කෝලේ යන්නේ කියලා බැලුවේ" අම්මිගේ කටින් ආවේ ඔය උත්තරයයි. කියන්නට දෙයක් නැති නිසාදෝ අම්මිගේ කකුල් දෙකේ ඇඟිලිතුඩු අල්ලලා වැඳලා "මම ගිහින් එන්නම් අම්මි" කියලා, අප්පච්චිටත් වැදලා ගෙදරින් එළියට බැස්සේ School Bus එකට යන්නයි. 
        මම ගොඩාක් සන්තෝසෙන් "GooD Morning යකුනේ" කියාගෙන බස් එකට නැග්ගත් ඇතුලෙන් ආවේ මැලවුනු GooD Morning පාරකි. "මොකද බං අවුල?" මම අමින්දයාගෙන් අහනකොටම, චින්ති කාරයත් (සිංදු කියන චින්ති නෙවෙයි..) බස් එකට නැග්ගා. ඒකගේ මූණත් හරියට අළුතෙන් ආපු අටපට්ටම් රුපියල් දහයේ කාසිය වගේ. "මොකද අනේ මේ මුන්ට වෙලා තියෙන්නේ" මම මටම කියාගත්තා. ටිකවෙලාවක නිහැඩියාවක් බිදදමමින් කටහඩ අවදිකළේ අමින්දයායි. "සිකුරාදා අරුං අපිට කෙළවලාම දැම්මා බං" අමින්දට පස්සෙ කතා කරපු චින්තියා කිව්වේ "ඔව් බං" කියලා විතරයි. ඇත්තටම සිකුරාදා මොකද වුනේ..? දෙයිහාමුදුරුවනේ, සිකුරාදා අපේ Parents Meeting එක තිබුනා නේද..? වෙනදාට ඔය කතාව කියන්නේ මමයි. ඒත් අද ඒක වෙනස් වෙලා. මේපාර මට අවුලක් නෑ. මගේ සතුටයි, අපේ කස්ටියගේ දුකයි එකතු කරන්න හොද වෙලාවක් නෙවෙයි මේක. මම වෙනදා වගේම පාර අයිනේ ඉදන් මට Bye කියන කෙල්ලෝ ටිකට Bye කිය කියා ඉස්කෝලෙට ගියා. උන්ගේ මූණවල් ටිකනම් වෙනදා වගේමයි. මොකද ඉතිං උන්ට Parents Meetings තිබිලා නැහැනේ.
        ඉස්කෝලේ තත්වයත් මේ වගේමයි. එක එකා එක එක දිහාවල් වල. ඒත් එකෙක් විතරක් මම වගේම ආතල් එකේ ඉන්නවා. ඒ තමයි අපේ තරිඳු. තරිඳු මොනවට දුක් වෙන්නද..? උගේ ගෙදරින් කවුරුත් Parents Meeting එකට ආවේ නෑනේ. ඉතිං ටිකක් දවල් වෙනකොට කස්ටියගේ දුක තුනී වෙලා ආයෙමත් පිස්සු කෙළින්න පටාං ගත්තා. ඔය අතරේ Interval එකේ කෑම කනගමන් මම මගේ කතාව Shape එකේ බැස්සුවා. සුබපැතුම් හා යෝජනා එමටයි. මේ අස්සේ අපේ කිරියා මට එක එක Ideas දෙනවා. "මචෝ, කෙල්ලො කැමති මෙහෙම අඳිනවාට, උඹේ Hair Style එක වෙනස් කරපං, කතා කරනකොට මෙහෙම කතා කරපං, ඇවිදිනකොට මෙහෙම ඇවිදපං... " එක විකාරයයි. මූ නිකං කතා කරන්නේ මම කෙල්ලෙක්ව හොයාගන්න යනවා වගේනේ. වෙලාවකට "අනේ උඹේ දේශනාව විතරනේ" කියලා කියන්නත් හිතෙනවා. මොකද මේකා අපිට පම්පෝරි ගැහුවාට මේ යකාත් තාම අර පහන තියෙන ඉස්කෝලේ නිශාරා කියලා නංගි කෙනෙක්ට Try කරනවා. ඒකත් අවුරුදු 3ක් තිස්සේ. මම ඇහුවම "දැන් වැඩේ හරිද..?" කියලා, මේකා කිව්වේ තව සති දෙකෙන් වැඩේ ගොඩ කියලා. ඒ සති දෙක ඉවර වෙලා දැන් මාස අටක් විතර වෙනවා. ඒත් කිසිම දියුණුවක් පේන්නත් නෑ, මේකා සිහින මවන එකේ ඉවරයකුත් නෑ. "උඹේ ඔය මායං දාලා දාගනිංකෝ අර නිශාරා නංගිව" කියලා කියන්න හිතිලත් නොකියා හිටියේ මේකා තරහා කරගත්තොත් මට Maths Home Works ටික Copy කරගන්න කෙනෙක් නැතිවෙන නිසා. 
         ගෙදර ආවගමන් Wash එකක් දාගෙන කෑම එක කන එක මගේ පුරුද්ද. ඊට පස්සෙ කරන එකම රාජකාරිය තමයි සදුන්ලගේ ගෙදරට කඩාපාත්වෙන එක. පොතක් දෙකක් උස්සගෙන "මම යනවා පාඩම් කරන්න" කියාගෙනම ගෙදරින් එළියට බහින මම යන්නේ පාඩම් කරන්නම නෙවෙයි. Computer Games ගහන එකයි, Movies බලන එකයි, ඒ අතරට පොඩි Cricket පාරකුත් ගහන අපි අතරින් පතරින් වෙලාවක් ඉතුරු වුනොත් පාඩමක් දාන්න අමතක කරන්නේ නෑ. බොහෝ වෙලාවට අපි සතියකට දෙපාරක් විතර මිනිත්තු විස්සක පමණ කාළයක් මේ පාඩම් කිරීමට ගත කරනවා. ඊට පස්සේ රෑ අටට විතර ගෙදර එන මම ආයෙත් Wash එකක් අරගෙන, කාලා, යහන්ගත වෙනවා. මේ විදිහට යහන්ගත වුනත් මම  උදේට නැගිටින්න මාරම කම්මැලියා. අදත් ඔය කාරණා ටික ඔය විදිහටම සිද්ද කළ මම යහන්ගත වුනා.
        අඟහරුවාදා උදේම නැගිට්ට මම ඊයේ වගේම උනන්දුවෙන් ඉස්කෝලේ ගියා. ඉස්කෝලේ වැඩ ටිකත් එළකිරි.කොම් වගේ කරලා දැම්මා. එහෙ මෙහෙ රස්ති ගහන්නේ නැතිව ඉක්මනටම ගෙදර ආවා. Bathroom එකට වැඩිපුර කාළයක් ගත කලේ අළුත් Class එකට ලස්සනට යන්න ඕනි නිසාය. මොකක්ද අඳින්නේ කියන එක තවත් ගැටළුවක්. ඕනි මගුලක් කියලා Short එකයි T-Shirt එකයි දාගෙන, කෑම එකත් කාලා Class යන්න එළියට බැස්සා. ඒත් කෝ පොත්..? මාර සිද්දිය. පොත් කීයක් ඕනිද කියලා දන්නෙත් නෑ. ඔන්න ඔහේ යන ගමන් පිටු 120 තනිරූල් පොත් දෙකකුත් අරගෙන යනවා කියලා හිතාගෙන මම Class එක පැත්තට ඇවිදගෙන ආවා. අපේ පාරෙන් Main Road එකට එනකොටම තියෙන කඩෙන් පොත් දෙකකුත් අරගෙන Class එක ලගටම ගිය මම එතන Gate එකට Cover වෙලා මිනිත්තු 10ක් 15ක් විතර ගතකලේ Class එක ඇතුලට යන හැටි Practice කරන්නයි. "දැන් මම ඇතුලට යනකොට Class එක පටන් අරන්, මම යනකොට ඔක්කොම මගේ දිහා බලයි, උන් මොනවා කියයිද..? කොහොම කෙල්ලෝ ටිකක් ඉදීවිද Class එකේ..? මැඩම් මොනවා කියයිද මට..?" විවිධාකාර සිතිවිලි ගලාගෙන එනවා. ඕනි දෙයක් කියලා හිතාගෙන මම Gate එකෙන් ඇතුලට ගියා.  
        මම ගිහින් මැඩම්ලගේ ගෙදර Door Bell එක ගැහුවා. එතකොටම ගෙදර ඇතුලෙන් "මිස්.., කවුද ආවා..." කියලා සද්දයක් ආවා. එළ, ඔන්න එකෙක්ගේ සද්දයක් ඇහුනා. ඒ එක්කම එළියට ආව මැඩම් "එන්න පුතා ඇතුලට" කියලා මාව එක්කරගෙන ගියා. ගෙදර සාලෙත් එක්කම තිබ්බ පොඩි Room එකේ තමයි Class එක තිබ්බේ. ඒක ඇතුලේ කෙල්ලො දෙන්නෙක් Past Papers පොත් දෙකක් තියාගෙන මොනවදෝ ලිය ලියා හිටියා. උන් දෙන්නා නම් පොතේ අකුරු අතර හංගලා තියෙන මොනවාහරි හොයනවා වගේ. ඒක ඇතුලටම රිංගලා. මට පුටුවක් දීපු මැඩම් කිව්වේ "වාඩිවෙන්න පුතා, අපි දැන් තමයි Class එක පටන්ගත්තේ" කියලා. හිනාවෙනවා ඇරෙන්නට කරන්න දෙයක් නොතිබුණු නිසා සිනහවකින් උත්තර දුන් මම මට දුන්න පුටුවේ වාඩිවුනා. "මොකක්ද පුතා ඔයාගේ නම..?" මැඩම් අහනකොටම "මම ගයාන්" කියලා මම කිව්වෙ අර කෙල්ලො දෙන්නා මොනවා කරයිද කියලා බලාගෙනමයි. මොන..! මුං දෙන්නාට මේ පොත දීලා තියෙන්නේ අදද කොහෙද..? එකෙක්වත් නෙවෙයි නිකමට මගේ දිහාවත්, මැඩම්ගේ දිහාවත් බැලුවේ. Class එක මරු වගේ... මටම හිතුනා. එතකොටම "මිස්, මේ.." කියලා සද්දයක් මට පිටිපස්සෙන් ඇහුනා. මොකද Class එකේ දොර තිබ්බේ මට පිටිපස්සෙනි. ඒ Voice එක අර "මිස්.., කවුද ආවා..." කියපු Voice එක වගේමයි. හැරිලා බලන්නට හිතුනත් අද පළවෙනි දවස නිසා මොකුත්ම නොකර ඉන්නට හිතාගත්තත් මට ඒ පැත්ත දිහා බැලුනා. මම දැක්කේ දොර ලඟටවෙලා හිටගෙන, ලැජ්ජාවෙන් නියපොත්තකුත් හපාගෙන මගේ දිහා බලාගෙන ලස්සන කෙල්ලෙකි. මම එයාට හිනාවක් දැම්මා. එතකොටම මැඩම් "එන්න ෂෙරින් ඇතුලට, මේ ඉන්නේ අපේ Class එකට අළුතෙන් එකතුවුන පුතා ගයාන්, පුතා මේ ෂෙරින්" කියලා මට එයාව Introduce කරලා දුන්නා. "මම ඒක දන්නවා මැඩම්" මම එයාව දන්නේ නැතිවුනත් මම කිව්වා. ඒපාරනම් හතරදෙනාම මගේ දිහා පුදුමවෙලා බැලුවා. "ඔයාලා අඳුනනවාද..?" මැඩම් ඇහුවා. "නෑ, දැන් මැඩම් කිව්වෙ එන්න ෂෙරින් කියලා, එතකොට තමයි දැන ගත්තේ" කියලා මම කිව්වා. හතරදෙනාගේම මුවගට පොඩි සිනහවක් ගෙන එන්න ඒ කතාවට හැකිවෙයි කියලා මම හිතුවෙවත් නෑ. "මේ ඉන්නේ පබාවි, මේ ඉන්නේ අමන්දා" මැඩම් අනිත් දෙන්නාවත් මට Introduce කරලා දෙනකොට ෂෙරින් මූණ රතු කරගෙනම ඇවිත් මගේ Class එකට Join වුනා...

ඉතිං Class එකේ වුනේ මොකද කියලා දැනගන්න වෙන්නේ ලබන සතියේ තමයි...

2 comments:

  1. Recycle Bin; Patta machooo....week 1n week 1 nathuwa up karahankoooo...maru hodeee...mage basawamai a shailiyamai bannn patta!!!!

    ReplyDelete
  2. හික්..... දිගටම ලියහන්....

    ReplyDelete