Content

Content කියන්නේ පටුන නේද..?

Episode - 001

Episode - 002

Episode - 003 (**NeW**)

Monday, December 06, 2010

Episode - 003



     සු කුසු සිනහා මැද්දේ ඔන්න අපේ සිංහල Class එක පටන් ගත්තා. "ගයාන් පුතා, මොකක්ද විචාරයක් කියන්නේ..?" "මමනම් දන්නේ නෑ" ඔන්න ඉතිං කස්ටිය හිනා වෙනවා. ඊට පස්සේ මැඩම් වෙන කාගෙන්හරි ඒකම  අහනවා. එයා උත්තර දෙනවා. ආයෙත් පාඩමට යනවා. "පුතා, මොනවද රාජකාරි ලිපියකයි, නිකං ලිපියකයි වෙනස්කම්..?" "රාජකාරි ලිපි Type කරනවා, නිකං ලිපි අතින් ලියනවා." අපි හැමෝම තවත් හිනා වෙනවා. ආයෙත් මැඩම් ඒක වෙන කාගෙන්හරි අහනවා. එයා උත්තර දෙනවා. අපි ආයෙත් පාඩමට යනවා. ඔහොම ඔහොම මාර Fun එකෙන් දවස ගතවුනා. ඒත් අන්තිමය ගෙදර යන්න කළින් කියපු කතාව තමයි අසාධාරණ. අපි ඔක්කෝටම ලබන සතියේ එනකොට විචාර දෙකයි රචනා දෙකයි ලියාගෙන එන්න කියව්වා. අන්තිමටම මැඩම් "පුතා, ඔයා පුරුදුවෙන්නත් එක්ක විචාර තුනයි, රචනා තුනයි ලියන්න. පුළුවන් වුනොත් රාජකාරි ලිපියකුත් ලියන්න". ඉතිං හා කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද..? ගෙදර එන්න මම එළියට බහිනකොට අර කෙල්ලො දෙන්නා එකසිය ගානව විදලා ගිහින්. ෂෙරින් එයාගෙ අම්මිත් එක්ක ටිකක් ඈතින් යනවා. මමත් ඉතින් ඔහේ ගාට ගාට ඇවිදගෙන ආවා පාර ළගට. මම එනකොට අර ඔක්කෝම ටික යන්න ගිහින්. මම ඉතිං Shape එකේ ගෙදරටම ආවා. ගෙදර ආවත් හිත තාමත් Class එකේ. මනෝ ලෝකේ ඉඳන් පියවි ලෝකෙට ආවේ අම්මි " කොහොමද අළුත් Class එක..?" කියලා ඇහුවමයි.
     "කියන්න තරම් වරදක් නැහැ අම්මි. හොඳයි. කන්න මොනවද තියෙන්නේ..?" මම උත්තරයේ අගින්ම තවත් ගැටළුවකට මුල පිරුවා. "අන්න ඔයා ආසයි කියලා අප්පච්චි Chocolate Cake ගෙනාවා." අම්මිගේ උත්තරය අවසන් ව්එනකොට මම හිටියේ කුස්සියේ. ආස දේවල් මෙහෙම ගෙනත් දෙනවානම් හැමදාම Class ගියත් පාඩු නෑ. කියලා කියන්නට හිතුනත් ඒක හංගගෙන Cake කෑල්ල කෑවා. ඊටපස්සේ වෙච්චි දේවල් ඔක්කොම වෙනදා සිද්දවෙන දේවල්ම තමයි. 
       බදාදා මම පන්තියට එනතුරා අපේ කස්ටිය බලාගෙන හිටියේ අළුත් Class එකේ විස්තර ටික දැනගන්නයි. ඒත් අමින්දයා නම් සිද්දිය දැනගත්තේ Bus එකේදිමයි. මොකද ඉතිං අපි දෙන්නා යන්නේ එකම School Bus එකේනේ. පන්තියට යනකොට තරිඳුවා ඉස්සරහටම ඇවිත් අහපු එක මෙතන කියන්න පුළුවන් තරමේ එකක් නොවෙයි කියලා මට හිතෙනවා. ඉතිං මමත් උදේ පාන්දර කියලා නොබලාම "අනේ පලයං *** යන්න" කියාගෙනම පන්තියට ගියේ හරියට "GooD Morning මචං" කියලා කියනවා වගේ. "දිග අරිමු බලන්න ඊයේ අළුත් Class එකේ නොකද වුනේ කියලා" කිරියා ලගටම ඇවිත් වාඩිවෙලා ඇහුවා. ඔන්න ඉතිං ආයෙත් තරිඳු, විකුම්, සංජීව එක්ක අමින්දයාත් ඔතනට එකතු වුනා. මම ඉතිං කතාව මුල සිට අගටම පැහැදිලිව පියවරෙන් පියවර කිව්වා. ඒත් ෂෙරින්ගේ නම එළියට දාන්න මට හිතුනේ නෑ. ඒ ඇයි කියන්න මම දන්නේ නැහැ. ඒත් මේ කතාව කියවන අය ඇරෙන්න වෙන අය තාමත් එයාගේ නම දන්නේ නැහැ. මගේ කතාව ඉවරවෙනකොටම කතාව පටන්ගත්තු කිරියට කියන්න ලැබුනේ " දැන් මචං ඔය යන විදිහට.." කියලා විතරයි. "අනේ මේ උදේ පාන්දර පච කියවන්නේ නැතිව හිටපං.." තරිඳුවා එක දිගටම, ලස්සනට කියලා දැම්මා. මොනවා වුනත් තරිඳුගේ මම දකින හොද ගුණාංගයක් තමයි ඒක. ඒ කිව්වේ අනිත් උන්ව Bite කරන එක නෙවෙයි. බෙල්ල ගහලා ගියත් කියන්න තියෙන කුණුහරුපේ මූණටම කියලා දාන එක. "කියන්න තියෙන එක කියලා දැම්මා, ඊට පස්සේ ආයේ හිතේ මොකුත් නෑ බං." තරිඳුගේ කටින් නිතර එළියට එන වචන කීපයකි. 
     මොනවා වුනත් තරිඳුවානම් දෙයියෙක්. නැතිනම් ඉතිං මම අරයකාගේ පම්පෝරිය අහගෙන එන්න එපැයි. හොද වෙලාවට තරිඳු අරටික වෙලාවට කිව්වේ. කිරියත් ඒකට මොකුත්ම කිව්වේ නැහැ. මමත් සද්ද නැතිවම මාරුවුනා. Shape එකේ වැඩටික කෙරුනා. 
     එදා තමයි අපිට සිංහල උගන්නපු මැඩම් Parents Meeting එකෙන් පස්සේ අපිව බලන්න ආවේ. පාඩම ඉවර වෙලා මාව පැත්තකට කතා කරලා මට කිව්වේ අමුතුම කතාවක්. "ඔන්න පුතා මමනම් ඔයාව Parents Meeting එකේදි ඔයාව බේරගත්තා. දැන්නම් කොල්ලෝ හරියට වැඩ කරලා ඉස්සරහට හොඳ ලකුණු පෙන්නන්න වෙයි. නැතිනම් මමත් සවුත්තු වෙනවා." මැඩම් කියන කතාවත් ඇත්ත තමයි. මාව බේරගත්ත එකේ මමත් දැන් වැඩකරන්න ඕනි. මොකද ලබන සතිය වෙනකොට සිංහල Class එකට කරගෙන යන්න තියෙන වැඩ කන්දරාව මතකයිනේ..? වැඩ කරන්නේ නැතිව ගිහින් චොර වෙනවට වැඩිය හොඳයි මැඩම්ට බටර් පාරක් ගාලා හොඳ රචනා, විචාර ටිකක් ගල් කරගෙන යන එක. "හරි මැඩම්, මම සිකුරාදාම වැඩ කරන්න පටන් ගත්තා. ඒත් මැඩම් විචාර, රචනා ලියන එක තමයි හදාගන්න ඕනි. කොහොමද මැඩම් ඒක කරන්නේ..?" මම කිව්වා. "ඒකට කළින් ඔයා හොඳ විචාර, රචනා ටිකක් කියවන්න. එතකොට ඔයාට පුළුවන් වෙයි හොඳ රචනා, විචාර ගැන අදහවක් ගන්න. මම හෙට දෙන්නම් පුතාට රචනා, විචාර තියෙන පොතක්. ඒක කියවලා බලන්නකෝ. තේරෙන්නේ නැත් ඒවා මගෙන් අහන්න." මැඩම් කිව්වේ මගේ හිතට අමුතුම සතුටක් එකතු කරමින්. දෙන දෙයියෝ ගෙදරටම ගෙනත් දීලා, උඩ සාක්කුවට රුපියල් පන්සීයකුත් දාලා යනවා කියන්නේ නිකංද..? දැන් ඉතිං මොනවද, ගත්තා පොත, ලිව්වා. එළකිරි ඩොට් කොම් කිව්වලු.
     "මොනවද බං කිව්වේ, දෑවැද්ද ගැනද කතාකළේ..?" දන්නවනේ ඉතිං ඔහොම කතන්දර එන්නේ තරිඳුගේ කටින් තමයි කියලා. මූත් එක්ක කතාකරන්න ගියොත් ඉවරයක් නැතිනිසා මම ඌට මොකුත්ම කියන්නේ නැතිව ගිහින් මගේ පුටුවෙන් ඉඳගත්තා. දවස ගෙවිලා ගියා. ඉස්කෝලේ ඉවරවුනා. මම ගෙදර ආවා. වෙනදා වගේම තමයි. ඒත් අද බදාදා. සදුන්ලගේ ගෙදර English Class එක. 
     මේක තමයි මම ආසම Class එක. Sir එනවා. මමයි සඳුනයි විතරයි Class එකේ. Sir මොකක්හරි වැඩක් කරන්න දුන්නම ටිකක් වෙලා ඒක කරනවා වගේ ඉඳලා අපි දෙන්නා කරන්නේ Sirව කතාවට අල්ලගන්න එක. ඔය කතාව ටිකක්වෙලා ඇදගෙන යනකොට අපිට කරන්න වැඩක් දීලා තියෙනවා කියලා Sirට අමතකයි. ඊටපස්සේ අපි දෙන්නා කරන්නේ Sirගේ කටින්ම උත්තර ටික එළියට ඇදගන්න එක. එකදිගට Assessments දහයක් විතර ඉල්ලගෙන කරන අපි දෙන්නා අපේ Sirට පොත් දෙක දීලා Sir ඒවා බලලා ඉවර වෙනතුරාවටම Games ගහන එක තමයි කරන්නේ. ඔහොම ඔහොම ගිහින් Class එකත් ඉවර වෙලා මම 9.30 විතර වෙනකොට ගෙදරට කඩාපාත්වුනා. වෙනදා සිදුවීම්ටිකම වෙනදා විදිහටම කරලා නිදාගන්න කළින් පාඩම් කරන්න පටන් ගත්තා. ඇත්තටම කිව්වොත් විචාරයක් ලියන්න ගත්තා. රෑ 11.30 විතර වෙනකන් Try කරලා කරලා පේළි තුනක් විතර ලියලා. මට විචාර ලියන්න බැරි බව තේරුම්ගත්තා. 
"හෙට ඉස්කෝලේ යන්නත් ඕනි. අනික මැඩම් හෙට අර පොත ගෙනත් දෙයි. ඉතිං ඉස්කෝලේ යන්න ඕනි නිසා මම නිදාගත්තා." 


ලබන සතියෙත් හමුවෙමු..